ගිං ගඟ, අත්තනගලු ඔය, කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණිය සහ නිල්වලා ගඟ සඳහා මීට පෙර නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම් ඉවත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. අදාළ ගංගා ද්‍රෝණිවල ජල මට්ටම මේ වනවිට සාමාන්‍ය තත්ත්වයට පත්වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
ඒ අනුව, මෙම ගංවතුර අනතුරු ඇඟවීම් ඉවත් කිරීම අද (16) පස්වරු 03.00 සිට බලාත්මක වන බව සඳහන්ය. දිවයින පුරා වර්ෂාපතන තත්ත්වයේ සහ ගංගාවල ජල මට්ටම්වල සිදුවන වෙනස්කම් සම්බන්ධයෙන් ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය නිරන්තර අවධානයෙන් පසුවන බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටී.



