කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත.
විදුලිය හෝ වෙනත් ඕනෑම භාණ්ඩයකට යම් පිරිවැයක් සහිත බවත්, එම පිරිවැය වෙනස් වීම අනුව එම භාණ්ඩවල මිල ගණන් වෙනස්වීම සාමාන්‍ය දෙයක් බවත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පෙන්වා දෙයි.වත්මන් ආණ්ඩුව බලයට පැමිණි පසු විදුලි ගාස්තු අඩු කළ බවත්, දැනට පවතින ආර්ථික තත්වය මත විදුලි ගාස්තු වැඩි කිරීමට සිදුවී ඇති බවත් ඔහු පැවසීය.මෙවැනි මිල ගණන් අඩු වීමකට හෝ වැඩි වීමකට ජනතාව පුරුදු විය යුතු බවත්, අඩු වූ වෙලාවේදී පමණක් සතුටු වීම හා වැඩි වූ වෙලාවේදී පමණක් විරෝධය පළ කිරීම යන්න සාධාරණ නොවන බවත් ඔහු සදහන් කළේය.දේශපාලන සංස්කෘතිය තුළද මෙවැනි ගැටළුවක් පවතින බවත්, ගාස්තු අඩු වූ විට පමණක් ඉදිරිපත් වී, වැඩි වූ විට හැංගීමත් වැරදි බවත් ඔහු සදහන් කරයි.ඉදිරියේදී නැවතත් ගාස්තු අඩු වීමක් හෝ වැඩි වීමක් සිදුවිය හැකි බැවින්, එවැනි වෙනස්කම් වලට ජනතාව සූදානම්ව සිටිය යුතු බවයි අමාත්‍යවරයා සදහන් කළේ.
