සජිත් ප්‍රේමදාස

අද දින පැවැත්වෙන මහ මැතිවරණය සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංගයන් සියල්ලක්ම සපුරාලන ජනතා අයිතියට මුල්තැන දෙන නිදහස් නිවහල් මැතිවරණයක් බවට පත් වෙලා විශේෂයෙන්ම නිදහසේ අපේ රටේ ජනතාවට තමන්ගේ අදහස, තමන්ගේ යෝජනාව, තමන්ගේ කැමැත්ත පල කරගන්නට ඒ හැකියාව ලැබේවා කියන එක තමයි මගෙත්, මගේ කණ්ඩායමෙත් ඒකායන ප්‍රාර්ථනාව. ගරා වැටුණු, කඩාවැටුණු මේ බංකොලොත් රට වැටී තිබෙන ප්‍රපාතයෙන්, බංකොලොත් භාවයෙන් ගොඩ ගැනීම උදෙසා අපි සැවොම අත්වැල් බැඳගෙන අපි සියලු දෙනාටම ලක්ෂ දෙසීය විස්සටම ලබාදිය හැකි උපරිම දායකත්වය රට ගොඩනැගීමේ ගමන වෙනුවෙන් ලබා දෙන්නට එක්සිත්ව, එක්සත්ව, කැපවෙමු කියන එක මම යෝජනා කරනවා.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ඡන්දය දැමීමෙන් අනතුරුව මාධ්‍යයට දැක්වූ අදහස්.…