කොළඹ නගරයේ ජල බැසීමේ පද්ධතියට බාධා වන අනවසර ඉදිකිරීම් හඳුනාගෙන ඉවත් කිරීමට කොළඹ මහ නගර සභාව පියවර ගනිමින් සිටින බව කොළඹ නගරාධිපතිනී ව්‍රායි කැලි බල්තසාර් ප්‍රකාශ කර තිබේ.

අනවසර ඉදිකිරීම් හේතුවෙන් ජලය බැස යන ඇළ මාර්ගවල ජල ගලායාමට මෙන්ම ඒවා පිරිසිදු කිරීම හා නඩත්තු කිරීමේ කටයුතුවලටද බාධා එල්ල වන බව නගරාධිපතිනිය සඳහන් කර ඇත.

මේ අතර, සිය ඉඩම්වල තිබූ අනවසර ඉදිකිරීම් ස්වේච්ඡාවෙන් ඉවත් කිරීමට ඉදිරිපත් වූ නිවාස හිමියන් සහ සමාගම්වල සහයෝගයද ඇය අගය කර තිබේ.