කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (19) දිනයේදී ඒකක 140.36කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව, ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 21,543.12ක් ලෙස සටහන් වූ බව කොළඹ කොටස් වෙළඳපොළ සඳහන් කර ඇත.
අද දිනයේ කොටස් වෙළඳපොළේ වාර්තා වූ මුළු පිරිවැටුම රුපියල් බිලියන 1.7ක් බව වාර්තා වේ.

