ජනපති අනුර කුමාර දිසානායක.

පවතින ක්‍රමවේදයන්ට පමණක් යටත්ව ප්‍රතිසංස්කරණ සිදු කිරීමෙන් වඩාත් බලවත් සහ කාර්යක්ෂම නව ක්‍රමයක් සවි කිරීම අත්‍යවශ්‍ය බවයි. එබැවින් රජය විසින් රටේ සෑම අංශයක්ම නව තලයකට ඔසවා තැබීමට ක්‍රියාත්මක වන අතර, විශේෂයෙන්ම පොදු ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කිරීමට විශේෂ අවධානයක් යොමු කර ඇත.

‘Dream Destination’ ලෙස දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතියක් රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයකින් ආරම්භ කරමින්, මාර්ග තදබදය, වායු දූෂණය හා ආනයන වියදම් අඩු කරමින්, ජනතාවට නවීන, ආරක්ෂිත හා කාර්යක්ෂම ගමන් සේවාවක් සැලසීමට එම ව්‍යාපෘතියෙන් උත්සාහ දරන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.