කඩුවෙල නගරයේ පිහිටි විද්යුත් උපකරණ අලෙවි සැලක අද (19) උදෑසන හටගත් ගින්නකින් එකම පවුලේ සිව්දෙනෙකු මියගොස් තිබේ. මව, පියා සහ අවුරුදු 2ක් හා අවුරුදු 6ක් වයසැති දරුවන් දෙදෙනා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වේ.
ගින්න හටගත් දෙමහල් ගොඩනැඟිල්ලේ පහළ තට්ටුවේ විද්යුත් උපකරණ අලෙවි සැල පිහිටා ඇති අතර, ජීවිතක්ෂයට පත් පවුලේ සාමාජිකයන් ගොඩනැඟිල්ලේ ඉහළ තට්ටුවේ රැඳී සිට ඇති බව වාර්තා වේ.
ගින්න පාලනය කිරීම සඳහා කෝට්ටේ ගිනි නිවීම් ඒකකයේ ගිනි නිවීමේ රථ 3ක් යොදවා ඇත. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අදාළ අංශ මඟින් වැඩිදුර විමර්ශන ක්රියාත්මක කෙරේ.


