නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන.

වෙළෙඳ වාණිජ, ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන මහතා සෙවනගල සීනි කර්මාන්ත ශාලාව නිරීක්ෂණ චාරිකාවක් සඳහා ඊයේ (01) පැමිණි අතර, එහිදී උක් තොග අතර සඟවා තිබූ කිලෝ 170ක කළු ගලක් සොයා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කළේය.

එම චෝදනා සහ ඇතිවූ ගැටළු පිළිබඳව සම්පත්ධාන පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කරන ලද අතර, සීනි කර්මාන්තය බිඳ වැටීමට ඉඩ නොදෙන බවත්, අවංක සේවකයින් හා ගොවීන් රැක ගැනීමට රජය විසින් අවශ්‍ය පියවර ගනු ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එසේම, සීනි මිල ස්ථාවරව පවත්වා ගැනීමටද තවදුරටත් කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.