ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදින්ගේ සංගමය.
විශේෂයෙන් කැබිනට් සාකච්ඡාව සඳහා අමාත්‍ය නලින්ද ජයතිස්ස නියෝගයක් ගෙනල්ලා තියෙනවා රජයේ හැඳුනුම්පත අනිවාර්යයෙන් ගන්න ඕන කියලා. එතකොට ඒ රජයේ හැඳුනුම්පත ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් හැටියට මට කැබිනට් එකට යන්න දැන් අවසර නෑ. ඒ නිසා අපි ඒක සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡා කරා ලිපි හුවමාරු කරගත්තා. නමුත් ප්‍රතිඵල සාර්ථක නැහැ. මොකද ඒගොල්ලොත් තදින් අත්තනෝමතික තීදුවක ඉන්නවා අනිවාර්යයෙන් අපි හැඳුනුම්පත ගත යුතුයි කියලා.
මේක පැහැදිලිව ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ අත්තනෝමති ක්‍රියාමාර්ගයක්. මාධ්‍යවේදීන්ට නිදහසේ තොරතුරු වාර්තා කරන්න ප්‍රවෘත්ති සාකච්ඡාවලට යන්න තියෙන ඉඩකඩ ඇවරීම ඇතුලේ පෙන්නන්නේ පැහැදිලිව මේක පොලිස් රාජ්‍යයක් වෙත ගමන් කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී රාජ්‍යක් කියන එක. ඒ නිසා තමයි අපි මේක දිගින් දිගට මහජනයා දැනුවත් කරන්නේ.