ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත්

හාල් ප්‍රශ්නය දිහා බලනවා වගේම මස් මාංශ ප්‍රශ්නය සම්බන්ධවත් වහාම අවධානයට ලක් කරන්න. මෙම අවස්ථාවේ කුකුල් මස් ආනයනය කරන්නේවත් රජයෙන් හදිසියේ බද්දක් ගැහුවේවත් නැහැ. එහෙම තියෙද්දි පන්සිය විස්සට තිබුණ පණපිටින් කුකුළා අද වෙනකොට මිල රුපියල් හත්සිය දහයයි. මෙතරම් මුදලකින් මිල වැඩි වෙනකොට සම සහිත, සම නැතුව, හම ගහපු කුකුළා අද වෙනකොට රුපියල් එක්දාස් හාරසීය සීමාවට ලං වෙනවා. එතකොට මේ රුපියල් නමසිය අසූවට, දාහට, එක්දාස් එකසීය තිබුණ කුකුල් මස් අද වෙනකොට එක්දාස් දෙසිය පනහයි, එක්දාස් දෙසිය අසූවයි. සමහර තැන්වල එක්දාස් තුන්සීයයි. මෙම ප්‍රකාශය වගකීම් විරහිත නම්, වෙළඳපොළට ගිහිල්ලා බලන්න.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>