එළඹෙන නත්තල් උත්සවය සහ අලුත් අවුරුදු උදාව සමයේ නගර ආරක්ෂාව සහ ආගමික ස්ථානයන්හි ආරක්ෂාව සඳහා විධිමත් ආරක්ෂක වැඩපිළිවෙළක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.

ඒ අනුව, මේ සඳහා පොලිස්පතිවරයා විසින් සියලුම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු දිවයිනේ සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.

නත්තල් දින නිමිති කරගෙන දිවයිනේ සෑම කතෝලික දේවස්ථානයකම විශේෂ දේව මෙහෙයයන් හා එයට අනුබද්ධිත වැඩසටහන් පැවැත්වෙන බැවින්, එම ආගමික නායකයින් හා සංවිධායකයින් සමඟ සම්බන්ධීකරණය සිදු කොට, සියලුම බැතිමතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පියවර ගෙන ඇත.