ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මිය ගොස් ඇති බව එරට රජයේ රූපවාහිනී සේවය මීට ස්වල්ප මොහොතකට පෙර නිල වශයෙන් නිවේදනය කරන ලදී.
මේ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද සිය ‘Truth Social’ ගිණුම හරහා නිවේදනය කර ඇති අතර ඉතිහාසයේ සිටි අතිශය දුෂ්ට පුද්ගලයකු වූ කමේනි මිය ගොස් ඇති බවත් මෙය ඉරාන ජනතාවට පමණක් නොව, සමස්ත අමෙරිකානුවන්ට ම ඉටු වූ සාධාරණයක් බවත් ඔහු ප්‍රකාශ කරන ලදී.
එසේම උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ දියණිය, බෑණනුවන් සහ මුණුබුරාද එල්ල වූ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් ව ඇති බවත් ඉරාන මාධ්‍ය වාර්තා කරන ලදී.
මේ අතර CBS පුවත් සේවය සඳහන් කරන පරිදි, එල්ල වූ ප්‍රහාරවලින් ඉරාන රජයේ උසස් නිලධාරීන් 40ක් පමණ මිය ගොස් ඇති අතර ඒ අතර ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) අණදෙන නිලධාරියාද , ඉරාන ආරක්ෂක අමාත්‍යවරයාද ඇතුළත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.






