ඊයේ (10) රාත්‍රියේ ඉන්දියාවේ සිදු වූ මෝටර් රථ පිපිරීමෙන් විපතට පත් වූවන්ට ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ශෝකය පළ කර තිබෙනවා.
සිය X ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාව, ඉන්දීය ජනතාව සමඟ සහයෝගයෙන් සිටින බවයි.
17 වැනි සියවසේ ස්මාරකයක් මෙන්ම ඉන්දියාවේ නිදහසේ සංකේතයක් වන, නගරයේ සුවිශේෂී රතු බලකොටුව අසලදී මෙම පිපිරීම සිදු වී තිබුණු අතර, ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස සලකා මෙහි විමර්ශන සිදු කරන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර සිටියේ.
මෙම පිපිරීමෙන් පුද්ගලයන් 09 දෙනෙක් මිය ගොස්, තවත් පිරිසක් තුවාල ලබා ඇත.






