ලෝකයේ විශාලතම කළු තේ නිෂ්පාදකයා සහ ගෝලීය වශයෙන් තුන්වන විශාලතම තේ අපනයනකරු ලෙස ඉන්දියාව සිය ස්ථානය තවදුරටත් රැකගෙන සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
2025-26 මූල්‍ය වර්ෂය තුළ ඉන්දියාව තේ කිලෝග්‍රෑම් මිලියන 282.11ක් අපනයනය කර ඇති අතර, එහි සමස්ත වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 988.13ක් බව එම වාර්තාවල දැක්වේ.
මේ අතර ඉන්දීය තේ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද තේ පාර්ශ්වකරුවන්ගේ හමුවකදී ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්‍ය පියුෂ් ගෝයල් ක්ෂේත්රය මුහුණ දී සිටින ගැටලු පිළිබඳව සාකච්ඡා කර ඇත.
තේ කර්මාන්තය යළි නඟා සිටුවීම, තේ වෙන්දේසි ක්‍රමවේදය වඩාත් වේගවත් සහ ශක්තිමත් කිරීම, තේ පර්යේෂණ ශක්තිමත් කිරීම, ගුණාත්මකභාවය ඉහළ නැංවීම, අපනයන ප්‍රවර්ධනය, තේ කම්කරුවන්ගේ සුබසාධනය සහ අපනයන ප්‍රවර්ධන මෙහෙයුම යටතේ ක්‍රියාත්මක වන වැඩසටහන් ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදී සාකච්ඡා වී ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.
එමෙන්ම තාක්ෂණය මත පදනම් වූ ප්‍රතිසංස්කරණ, ඉහළ විනිවිදභාවය, මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සහ ගනුදෙනු සම්බන්ධ දුෂ්කරතා අවම කිරීමේ වැදගත්කම පිළිබඳවද එම සාකච්ඡාවේදී දීර්ඝ වශයෙන් අවධානය යොමු වී තිබේ.

