අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා මාධ්‍යට ප්‍රකාශ කර සිටියේ ලංකාව හා ඉතාලිය අතර තිබූ අවබෝධතා ගිවිසුම් වලට අනුකූලව ඉතාලියට පිවිසීමේදී සම්පූර්ණ කළ ලියකියවිලි භාවිතයෙන් ඉතාලියේ සිටින ලාංකිකයන්ට රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ හැකියාව තිබූ නමුත් අවබෝධතා ගිවිසුම අහෝසි වීමෙන් පසු එම බලපත්‍ර ලබා ගැනීමේ හැකියාව ද අහෝසි වී තිබීම හේතුවෙන් ඉතාලියේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් විශාල සංඛ්‍යාවක් දැඩි අපහසුතාවයට ලක්ව ඇති බවයි. මේ තත්වයට වගකිවයුතු රජයේ ආයතන සහ අමාත්‍යවරයා දැනුවත් කර මෙයට කඩිනමින් විසඳුම් සැලසීමට තමන් විසින් ඉල්ලා සිටි බවත් වසන්ත මුදලිගේ මහතා වැඩි දුරටත් පවසා සිටියේය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>