එස්. එම්. මරික්කාර්.
ගිය මැයි මස හයවෙනිදා තිබිබ පළත්පාලනල මැතිවරණයේදී ආණ්ඩුවට තුනෙන් දෙක අහිමි වෙලා ලක්ෂ 23ක් ඡන්ද අඩු වෙලා ආණ්ඩුවේ ඡන්ද ප්‍රමාණය 43% කට අඩු වුණයින් පස්සේ, අපි වැඩියෙන් ගත්තු තැන්වල අපි තමයි පිහිටුවන්නේ කියලා ආණ්ඩුවේ බොහෝ උදවිය චණ්ඩිපාට් දැම්මා. එතකොට 50% ක් ගත්තේ නැතත් ඒගොල්ලෝ වැඩියෙන් ගත්ත තැන් ඔක්කොම ඒගොල්ලන්ට ඕනයි කියලා. ඉතින් එහෙම නීතිය අනුව එහෙම කරන්න බෑ කියන එක අපි අවස්ථා ගනනාවකදීම කිව්වා. ඔන්න දැන් ඊයේ මැතිවරණ කොමිෂන් සභාවෙන් ගහලා තියෙන ගැසට් පත්‍රය අනුව ලංකාවේ පළත්පාල ආයතන 339න් 161ක විතරයි ආණ්ඩුවට බලය පිහිටවන්න පුළුවන් කියලා.
ඒ නිසා අපි ඉතාම පැහැදිලිව කියන්න කැමතියි ආණ්ඩුව පොරොන්දු වෙච්ච ආකාරයට වැඩ කිරීම ආණ්ඩුවේ වගකිමක්. දැන් ජනාධිපතිතුමා පත්වලා මාස අටකට වැඩියි. ආයෝජන සත පහක් ඇවිල්ලා නැ. එක ඩොලර්යක් ඇවිල්ල නෑ. එක රැකියා ව්‍යාපෘතියක් අලුතෙන් බිහි කරලා නෑ. ජනතාවට ලබා දෙනවා කියපු අවම සහනයවත් ලබා දීලා නෑ. ඒ නිසා ආණ්ඩුව ජනතාවගෙන් පළිගැනීමේ වෛරී චේතනාවෙන් කටයුතු කරන්නේ ඔබතුමන්ලාට දිගින් දිගටම වෙන්නේ ජන අප්‍රියාවයට පත්වෙන්න කියන එක අපි පැහැදිලිව කියන්න ඕනේ.
වැඩිදුර විස්තර සඳහා>>>>>>>