ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල ගමන් ගත් ජීප් රථය සපුගස්කන්ද ප්‍රදේශයේ දී මෝටර් රථයක මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුර සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය පවසනවා.
ඒ අනුව, ඊයේ රාත්‍රී 7.45 ට පමණ සපුගස්කන්ද, දෙනිමල්ල ප්‍රදේශයේ දී මෙම අනතුර සිදු වී ඇති අතර තුවාලකරුවන් 4 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් සඳහන් කර සිටියා.
නීතියට ඉහළින් කිසිවෙකු නොමැති හෙයින්, සෑම දෙනාටම නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
ඒ අනුව, අනතුරට ලක් වූ ජීප් රථය, මෝටර් රථය හා යතුරු පැදියක් පොලිස් භාරයට ගෙන ඇත.





