අධිකරණයට බලපෑම් කළ මැති ඇමතිවරුන්ට එරෙහිව නීතිඥවරුන්ගේ විරෝධතාවය.

විජයදාස රාජපක්ෂ සැලකිය යුතු බලපෑමක් අධිකරණයට සිද්ධ කළා. දැන් විජයදාස රාජපක්ෂ එයාගේ වරප්‍රසාද කඩවුණා කියලා ලිපියක් නිකුත් කරලා තියෙනවා කතානායකට.

හැබැයි කාරණා දෙකක් මේ ලිපියේ ගැබ් කරලා නෑ. අපි කියනවා විජේදාස රාජපක්ෂට පුළුවන්නම් මේ වරප්‍රසාද ලිපිය ඇතුලේ කොළඹ ප්‍රධාන දිසා විනිසුරුතුමා ලබාදුන් එයාගේ නඩු වලට අදාළ කාරණාව අන්තර්ගත කරන්න කියලා.

විජේදාස රාජපක්ෂ විෂයභාර ඇමති තුමන්ගේ නඩුව ඇහුවේ නෑ කියලා තමයි වරප්‍රසාද වලට මුවා වෙලා, පාර්ලිමේන්තුව ඇතුලට ගිහිල්ලා. විශේෂ ප්‍රකාශයක් කරේ.

අපි කියනවා මේවට අපි සැලෙන්නේ නෑ. නීතිඥ ප්‍රජාව විදිහට ඒකරාශී වී සිටින්නේ අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන්, අධිකරණයට අතපොවන්න එනවනම්, ඒකට එරෙහිව අපි කටයුතු කරනවා. අධිකරණ ඇමතිතුමාටත්, දයාසිරි ජයසේකර මහතාටත් ,අමත්‍ය ප්‍රේමජයන්ත් මහත්තයාටත් විරුද්ධව මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරීමේ හැකියාව උනත් අපිට තියෙනවා.

විරෝධතාවයේ නිරත වූ නීතිඥවරුන් දැක්වූ අදහස්….

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>