එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අජ්මාන්හි පැවැත්වෙන අයිසීසී නැගී එන රටවල කාන්තා විස්සයි20 තරගාවලිය ශ්‍රී ලංකාව ජයග්‍රහණයකින් ආරම්භ කළේය. නොවැම්බර් 12 වැනිදා පැවති තරගයේදී ශ්‍රී ලංකාව අයර්ලන්තය කඩුලු 10කින් පරාජය කළේ පන්දු 42ක් ඉතිරිව තිබියදීය.
අයර්ලන්තය පන්දුවාර 20 අවසානයේ කඩුලු නවයකට ලකුණු 105ක් රැස් කළේය. සත්‍යා සංදීපනී ලකුණු නවයකට කඩුලු තුනක් දවා ගනිමින් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව වූ අතර, කවීෂා දිල්හාරි ලකුණු 20කට කඩුලු තුනක් දවා ගත්තාය. පිළිතුරු ඉනිමේදී විශ්මි ගුණරත්න සහ හසිනි පෙරේරා නොදැවී ලකුණු 53 බැගින් රැස් කළහ. ශ්‍රී ලංකාව පන්දුවාර 13කදී කිසිවකු නොදැවී ලකුණු 110ක් ලබා ජය තහවුරු කළේය.
ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර මීළඟ තරගය නොවැම්බර් 13 වැනිදා ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 10.30ට අජ්මාන්හි කාර්වාන් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. ස්කොට්ලන්තය ද සිය පළමු තරගයෙන් පැපුවා නිව්ගිනියාව කඩුලු හතකින් පරාජය කර තිබේ.
