දකුණු ආසියානු පිරිමි පාපන්දු ශූරතාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ ශ්රී ලංකා බලාපොරොත්තුව ඩකාහිදී අවසන් විය. නොවැම්බර් 11 වැනිදා ඩකා ජාතික ක්රීඩාංගණයේ පැවති මූලික වටයේ අවසන් තරගයෙන් සත්කාරක බංග්ලාදේශය ශ්රී ලංකාව ගෝල 4–0කින් පරාජය කළේය.
බංග්ලාදේශය පළමු අර්ධයේදී ගෝල දෙකක් වාර්තා කළ අතර දෙවැනි අර්ධයේදී තවත් ගෝල දෙකක් එක් කළේය. මෙම ජයත් සමඟ බංග්ලාදේශය ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගෙන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.
ශ්රී ලංකාව මීට පෙර භූතානය සමඟ පැවති තරගය ගෝල 2–2ක් ලෙස සම කරගෙන තිබිණි. බංග්ලාදේශය හමුවේ ශ්රී ලංකාව ලැබූ පරාජයත් සමඟ භූතානය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. භූතානය එම වටයට පිවිසියේ 2008 වසරෙන් පසුව පළමු වරටය.
