උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතියට අනුව නව පත්වීම් කිහිපයක් සිදු වී තිබේ.
ඒ අනුව, අරුණි රණරාජා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙසත්, යූ.ජී. රංජිත් ආරියරත්න නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත් පත් කර ඇත.
තවද, ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපති ලෙස ඒ.පී.එල්. ප්‍රනාන්දු සහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති ලෙස ජේ.එම්.එස්.එන්. ජයසිංහ පත් කර තිබේ.
