විපක්ෂය විසින් රජය වගා හානි සඳහා වන්දි මුදල් වැඩිකළද, එම මුදල් මෙතෙක් නොලැබුණු ගොවීන් විශාල පිරිසක් සිටින බවට කරන චෝදනාව සත්‍යයක් බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කරන ලදී.

කෙසේ වෙතත්, වත්මන් ආණ්ඩුව බලයට පත්වන විට පෙර ආණ්ඩු සමයේ වගා හානි සිදුවූ කිසිදු ගොවියෙකුට වන්දි ගෙවා නොතිබූ බව ඔහු ප්‍රකාශ කළේය.

අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීන්ට රුපියල් කෝටි 32කට වැඩි මුදලක්ද, මොනරාගල ගොවීන්ට රුපියල් කෝටි 16කට ආසන්න මුදලක්ද ගෙවීමට තිබූ නමුත් එම මුදල් ගෙවා නොතිබූ බවද නාමල් කරුණාරත්න මහතා සඳහන් කරන ලදී.

එමෙන්ම අර්තාපල් හා ලොකු ලූනු ගොවීන්ගෙන් මිලදී ගත් අස්වනු සඳහා පොරොන්දු වූ මුදල් ගෙවා නොතිබූ බවත්, මිල්කෝ ආයතනයට කිරි ලබාදුන් ගොවීන්ටද විශාල මුදලක් ගෙවීමට තිබූ බවත් ඔහු ප්‍රකාශ කළේය.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු පැවති හිඟ වන්දි සියල්ල ගෙවා අවසන් කළ බවත්, “දිට්වා” ආපදා තත්ත්වයෙන් හානි වූ විශාල භෝග ප්‍රමාණයක් සහ සතුන් වෙනුවෙන්ද ඉතිහාසයේ පෙර නොවූ ආකාරයේ වන්දි ලබාදුන් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>