විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය හා ජනපති අතර හමුවක් ඊයේ (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලදී මතුව ඇති ගැටලු විසඳීමට රජය ගෙන ඇති පියවර මෙහිදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ඇගයීමට ලක් වූ අතර එම ඉදිරි කටයුතු වෙනුවෙන් ඔවුන්ගේ සහාය පළ කෙරිණි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී මතුව ඇති ගැටලු විසඳීමට නිසි නෛතික රාමුවක් සහිත විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, විශේෂඥයන් ඇතුළු සියලු පාර්ශ්වයන් ඒකාබද්ධ කරගත් යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට රජය කටයුතු කරමින් සිටින බවද ජනාධිපති තුමා විසින් මෙහිදී පෙන්වා දුනි.
එමෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරු මුහුණ දී ඇති ගැටලු සහ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මතුව ඇති ගැටලු පිළිබඳවද මෙහිදී වැඩිදුරටත් අවධානය යොමු කෙරුණු අතර ඒ වෙනුවෙන් රජයක් ලෙස ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් ජනාධිපතිතුමා විසින් ප්‍රකාශ කරන ලදී.





