අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය.

පාසල් අතර පවතින අසමානතාවය හේතුවෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පාසල් පද්ධතිය දශක ගණනාවක් තිස්සේ විවිධ ගැටලුවලට මුහුණ දී ඇති බව සහ එම අසමානතාව නිසා බරපතල ගැටලු රාශියක් ඇති වී තිබෙන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පවසනවා.

පාසල් අතර පවතින අසමානතාව අවම කරමින්, දරුවන්ට හිමි විය යුතු අධ්‍යාපන අත්දැකීම්වල ගුණාත්මකභාවය ඉහළ නැංවීම, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මූලික අරමුණ බව එතුමිය පෙන්වා දෙනවා.

අග්‍රාමාත්‍යවරිය පවසා සිටියේ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලසුම් සහගතව හා ක්‍රමානුකූලව සිදු කරමින් පද්ධතියේ දුර්වලතා අවම කිරීමට කටයුතු කරන බවයි.

වසර තුනකින් අධ්‍යාපනයේ මූලික පදනම ශක්තිමත් කර ඵලදායී පරිපාලන, යටිතල හා ඩිජිටල් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළා.