කැලණි ගංගා ද්‍රෝණියේ ජල මට්ටම සම්බන්ධයෙන් නවතම යාවත්කාලීන කිරීම මේ වන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අද උදෑසන 9.00 වන විට නාගලගම් වීදිය ජල මාපකයේ අගය අඩි 8.45 ක් ලෙස තවදුරටත් ජල ධාරිතාව වැඩි වී තිබෙනවා.

එසේම හංවැල්ල මිනුම් මධ්‍යස්ථානයේ ජල මට්ටම අඩි 9.42 ක් ලෙස සටහන් වී ජලය ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව වැඩිදුරටත් සඳහන් වේ.