ආණ්ඩුවෙන් ස්වාධීන වී කටයුතු කරන නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් 06 දෙනෙකු අද (05) සමගි ජන සන්ධානයට එක්වෙමින් නිල වශයෙන් ගිවිසුමකට එළඹීම සිදු වී තිබෙනවා.

ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ නිදහස ජනතා සභාවේ සභාපති ජී.එල් පීරිස්ගේ සහභාගීත්වයෙන් බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී එය පැවැත්විය.

මහාචාර්ය ජී.එල් පිරිස්, ඩිලාන් පෙරේරා, ආචාර්ය නාලක ගොඩහේවා, කේ.පී කුමාරසිරි, වෛද්‍ය උපුල් ගලප්පත්ති සහ වසන්ත යාපා බණ්ඩාර යන මන්ත්‍රීවරුන් මෙලෙස සමගි ජන සන්ධානයට එක්වී තිබුණා.

ඉදිරි ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කරගනිමින් මෙම පුළුල් සන්ධානය නිර්මාණය කරන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.