ශ්‍රී ලංකා රේගුව විසින් මෙම වසරේදී එකතු කරන ලද බදු ආදායම ඔක්තෝම්බර් 30 දිනය වන විට රුපියල් ට්‍රිලියන 02 ක ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ අනුව, 2025 වසර සඳහා රේගුවට ලැබී ඇති ආදායම් ඉලක්කය වන රුපියල් ට්‍රිලියන 2.115 වෙත ශ්‍රී ලංකා රේගුව සාර්ථකව ළඟා වෙමින් සිටින බවයි රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ සඳහන් කර සිටියේ.
මෙලෙස ලැබූ ආදායම්වලින් රුපියල් බිලියන 630 ක්ම අන්තර්ගතව ඇත්තේ මෝටර් රථවලින් වන බව සහ වසර අවසන් වන විට ආදායම් ඉලක්කයට වඩා රුපියල් බිලියන 300 ක් පමණ අතිරේකව එක්රැස් කර ගැනීමට හැකිවනු ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.





