වරාය පිවිසුම් ගුවන් අධිවේගී මාර්ගය 2026 දෙසැම්බර් 01 වැනිදා සිට වරායට ඇතුළු වීම සඳහා බලපත්‍ර හිමි වාහන වෙනුවෙන් විවෘත කිරීමට තීරණය කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

ඒ අනුව, වරායට ඇතුළු වීමට අවසර හිමි වාහනවලට 2026 දෙසැම්බර් 01 වැනිදා සිට අදාළ ගුවන් අධිවේගී මාර්ගය භාවිත කිරීමට අවස්ථාව හිමි වන බව එම අධිකාරිය පවසයි.