ලෝක පරිසර දිනය නිමිති කරගෙන රට පුරා විශාල ශ්‍රමධාන වැඩපිළිවෙලක් සංවිධානය කිරීමට සූදානම් කර ඇති බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රකාශ කරන ලදී.
මෙම ශ්‍රමධාන මගින් පාරවල් පිරිසිදු කිරීම, නව පාරවල් ගොඩනැගීම, කැඩී ගිය පහලම්බොක්කු හා ඇලවේලි අලුත්වැඩියා කිරීම, පොදු ස්ථාන පිරිසිදු කිරීම සහ සුසාන භූමි පිරිසිදු කිරීමේ කටයුතු සිදු කිරීමට සැලසුම් කර තිබේ.
ඔහු වැඩිදුරටත් පැවසූයේ, මෙම ශ්‍රමධානවලට ඇගයීමක් සිදු කරන බවත්, සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම හොඳම ශ්‍රමධාන තුන තෝරාගෙන ඒවාට මුදල් සහිත ව්‍යාපෘති ලබාදෙන බවත්ය.
පළමුව තේරෙන ගම්මානයට රුපියල් ලක්ෂ 500ක්, දෙවෙනි ස්ථානයට ලක්ෂ 50ක් සහ තුන්වෙනි ස්ථානයට ලක්ෂ 25ක් වෙන් කරන බවද ඔහු පැහැදිලි කළේය.
ඉදිරියේදී දිස්ත්‍රික් මට්ටමින් හොඳම ශ්‍රමධාන තෝරාගැනීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කරන අතර, එහිදී පළමුව තේරෙන ගම්මානයට ලක්ෂ 500ක්, දෙවෙනි ස්ථානයට ලක්ෂ 50ක් සහ තුන්වෙනි ස්ථානයට ලක්ෂ 25ක් ලබාදෙන බවද සඳහන් කරන ලදී.
අමාත්‍යතුමන් අවසානයේ ප්‍රකාශ කළේ, පළාත් මට්ටමින්ද හොඳම ශ්‍රමධාන තෝරාගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවත්, එහිදී පළමුව තේරෙන ගම්මානයට රුපියල් කෝටියක්, දෙවෙනි ස්ථානයට ලක්ෂ 75ක් සහ තුන්වෙනි ස්ථානයට ලක්ෂ 50ක් වෙන් කරන බවත්ය.
මුදල් නොව, ව්‍යාපෘති ආකාරයෙන් මෙම දිරිගැන්වීම් ලබාදෙන බවද ඔහු අවධාරණය කරන ලදී.





