ලබන වසර සඳහා සංවර්ධන හා ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 2,000ක මුදලක් වෙන් කිරීමට රජය කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරන ලදී.

අමාත්‍යවරයා සඳහන් කරන ලද්දේ, එම මුදල සම්පූර්ණයෙන්ම වැය කරමින් ලබන වසරේ සංවර්ධන කටයුතු ඉහළ අදියරකට ගෙන ඒම රජයේ අපේක්ෂාව බවය.

මේ අතර, ලෝකය මුහුණ දී ඇති තාර හිඟය සම්බන්ධයෙන්ද රජය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ඔහු පැවසීය.

ඒ අනුව, මාස තුනක කාලයක් තුළ මාර්ග සංවර්ධන කටයුතු සඳහා තාර මෙට්‍රික් ටොන් 3,000ක් මාර්ග සංවර්ධන අධිකාරිය හරහා ආනයනය කිරීමට කටයුතු කරමින් සිටින බවත්,
දැනට එම වැඩපිළිවෙළට මාසයක පමණ කාලයක් ගතවී ඇති බවත් ඔහු පැවසීය.

මෙම සියලු කටයුතු “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාවට නැංවීමේ අරමුණින් සිදුකරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>