“අනාගතය ඔබයි ඉගෙනගන්න හෙට දිනන්න ” අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කතිතාව කලුතර දිස්ත්‍රික් සම්මන්ත්‍රණය ජනවාරි 31 වන දින බණ්ඩාරගම මෛත්‍රීශාලාවේදී පැවැත්වුණු අතර මේ සදහා සහභාගී වෙමින් අමාත්‍ය අනුර කරුණාතිලක විසින් පාසල් අධ්‍යාපනය ගැන සමාජයතුළ ඇති අඩු සැලකිල්ල ගැන පෙන්වා දුනි.

අප ‍රටේ 10150 කට ආසන්න පාසල්වලින් 50% ක ප්‍රමාණයක දරුවන් ඇත්තේ 200 කට අඩුවෙන් බවත් හේතුව, අඩු ගුරුවරුන් ප්‍රමාණය, පංති කාමරවල අඩු පහසුකම්, ඒ පාසල්වලට ඇති අඩු සමාජයීය සැලකිල්ල වැනි කරුණු නිසා එම පාසල් අනෙක්වාට වඩා පහළ ඇතැයි සිතා ඒවාට දරුවන් ඇතුලත්කර අධ්‍යාපනයක් දීමෙන් ළමුන්ට හොද රැකියාවක් ගැනීම කළ නොහැකි වේයැයි දෙමාපියන්ගේ ඇති විශ්වාසය බවත් පැවසීය.

එබැවින් විශාල වැයබරක් දරා, විශාල මානව සම්පතක් යොදා පාසල් පද්ධතියෙන් අඩක් පමණ වන මේ පාසල් නඩත්තු කරගෙන යෑම නිෂ්ඵල කාරියක් නොවේදැයි ප්‍රශ්ණ කරමින් , පාසලේ අධ්‍යාපනය ගැන ඇති අවිස්වාසය සහ, පාසල් අතර ඇති විෂමතාවය නැතිකරන ප්‍රතිසංස්කරණ වෙනසක් උවමනායි ද යෝජිත ප්‍රතිසංස්කරණ මගින් අධ්‍යාපනයේ ඇති බොහෝ ගැටලු විසදාගත හැකිය යි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

එම ප්‍රකාශය අපගේ ‘webnews’ youtube චැනලයෙන් නරඹන්න >>>>>>