පවතින යුදමය තත්ත්වය හමුවේ මෙරට ආර්ථිකයට විය හැකි බලපෑම සම්බන්ධයෙන් මහ බැංකුවේ වාර්තාව මේ වන විට ලබා දී ඇති බවත්, එය අදියර තුනකින් සකස් කර ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරන ලදී.
ඒ අනුව, දැනට පවතින තත්ත්වය, මධ්‍යස්ථ තත්ත්වය හා විනාශකාරී තත්ත්වය යන අදියර යටතේ ආර්ථිකයට සිදු විය හැකි බලපෑම මෙම වාර්තාව මඟින් පෙන්වා දී ඇති බවත්, එම වාර්තාව මඟින් ලබා දී ඇති නිර්දේශ අනුව කටයුතු කරමින් සිටින බවත් ජනපති මෙහිදී සඳහන් කරන ලදී.
පවතින යුදමය තත්ත්වය කිසිසේත් අපේක්ෂා නොකළ තැනකට ගමන් කිරීමට හැකියාවක් ඇති බවත්, රජය කටයුතු කරන්නේ සුබ ම දේ බලාපොරොත්තු වන අතරතුර, විය හැකි නරකම දේට සූදානමින් බව එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.





