පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක

පහුගියදා ඔබ දැක්කා නම් පාර්ලිමේන්තුවේ හරිනි මන්ත්‍රීවරිය ඉලක්ක කරගෙන ආණ්ඩුවේ, සජබෙ, ස්වාධීන වන අයයි කියන කට්ටිය මේ ඔක්කොම එකට ප්‍රහාර එල්ල කරනවා.

ඒගොල්ලෝ රැස්වීම් පවත්වනවා වෙන වෙනම. හැබැයි කතා වෙලා වගේ අපිට එරෙහිව මතය ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ තමන්ගේ බලය ගිලිහී යාම වැළැක්වීම සඳහා බොහෝ දේවල් කරනවා. බලය අහිමි වුණොත්, ඔවුන්ට හිතාගන්නවත් බැහැ ඔවුන් කොහොමද පුරවැසියෙක් හැටියට ජීවත් වෙන්නේ කියලා.

මම හිතනවා අපේ ජීවිත කාලයේ ගතවෙන වැදගත් තීරණාත්මක මාස හතර තමයි මේ ගත වෙමින් තිබෙන්නේ. අපි අත්හරින්නේ නැතුව පසු බහින්නේ නැතුව, ධෛර්ය සම්පන්නව මුහුණ දුන්නොත් අපිට මේක ජයග්‍රහණයෙන් කෙළවර කර ගන්න පුළුවන්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>