ශ්‍රී ලංකාවෙන් සිදු කෙරෙන ආනයන වෙනුවෙන් බ්‍රිතාන්‍ය ව්‍යාපාර හා වෙළෙඳ දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දෙනු ලැබූ නව වෙළෙඳ පැකේජය මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.
සංවර්ධනය වෙමින් පවතින රටවලින් සිදු කෙරෙන ආනයන සරල කරමින් මෙම වෙළෙඳ පැකේජය හඳුන්වා දී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය සඳහන් කර සිටිනවා.
ඒ අනුව, එක්සත් රාජධානිය වෙත අපනයනය කෙරෙන බොහෝ භාණ්ඩ තීරුබදු රහිතව අපනයනය කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව සැලසෙන බව සඳහන් වේ.
පැවති ආනයනික ප්රතිපත්තීන්, සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළෙඳ යෝජනා ක්‍රමයට (DCTS) වැඩිදියුණු කිරීම හරහා එක්සත් රාජධානිය සමඟින් වෙළෙඳාම පහසු කරවන අතර, ඇඟලුම්, ආහාර, ඉලෙක්ට්‍රොනික උපකරණ ඇතුළු භාණ්ඩ ගණනාවකට එක්සත් රාජධානියේ තීරුබදු රහිත ප්‍රවේශය මේ සමඟ හිමි වේ.


