ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති
කාන්තා හිංසනය අවම කිරීම නොව නැති කිරීමෙහිලා පොදු ප්‍රවාහනය කාන්තාවන්ට ආරක්ෂිත පොදු අවකාශයක් බවට පත් කරන එක දීර්ඝකාලීන ඉලක්කය ඉලක්කය බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති පවසා සිටිනවා. මෙම හිංසන පිළිබඳව පැමිණිලි කිරීමේ ක්‍රමවේද දියුණු කරන්න බලාපොරොත්තු වන බවත්, අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ ක්‍රියාවලියත්ශ ක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු පවසා සිටියා. එමෙන්ම මේ පිළිබඳව හදිසි දැනුවත් කිරීමට ඇප් එකක් සැදීමට පොලිසිය සමඟ සාකච්ඡා කරනබවද වැඩිදුරත් සඳහන්.
“ඕගොල්ලෝ දන්නවා කාන්තා ලිංගික හිංසනය කියන එක පරණ අර්ථකථ නෙමෙයි දැන් තියෙන්නේ. පරණ අරකත් අර්ථකථනයේ තියෙන්නේ ඒක කායික හිංසනයක් වගේ අදහසක්. නමුත් දැන් කාන්තා ලිංගික හිසනය කියන එක ඊට වඩා පුළුල් විදියට තමයි අර්ථකථනය වෙන්නේ. ඒක කායික හිංසනයක් වෙන්න පුළුවන්. වාචික හිංසනයක් වෙන්න පුළුවන්. මානසික හිංසනයක් වෙන්න පුළුවන්. මේ සියලුම කලාප ආවරණය වෙනවා.”
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති මාධ්‍යයට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>