මාතලේ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගය විසින් හිමි කරගෙන තිබෙනවා.
මධ්‍යම පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තුගේ සහභාගිත්වයෙන් එහි නගරාධිපතිවරයෙක් හා උප නගරාධිපතිවරයෙක් තෝරා පත්කර ගැනීම සඳහා අදාළ ඡන්ද විමසීම මාතලේ මහ නගර සභා රැස්වීම් ශාලාවේදී අද (23) පවත්වා තිබෙනවා.
ඡන්ද විමසීම ආරම්භ වී සුළු වේලාවකින් පසු සමගි ජන බලවේගය ඇතුළු මන්ත්‍රීවරුන් 10 දෙනෙකු ඡන්දය වර්ජනය කර රැස්වීම් ශාලාවෙන් පිටතට ගොස් ඇති අතර, සභාවේ ඝන පූර්ණය පැවති බැවින් පළාත් පාලන කොමසාරිස්වරිය විසින් ඡන්දය පැවැත්වා තිබෙනවා.
එහිදී මාතලේ මහා නගර සභාවේ නගරාධිපති ලෙස ජාතික ජන බලවේගය නියෝජනය කළ අශෝක කොට්ටහච්චි ඡන්ද 12 ක් ලබා ගනිමින් තේරී පත්ව ඇති අතර, උප සභාපතිි ලෙස කම්කරු කොංග්‍රසය නියෝජනය කළ එම්. මෝගන් තේරී පත්වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
