මඩකලපුව දිස්ත්රික්කයේ කිරි ගොවීන් මුහුණ දී සිටින ඉඩම් ගැටලුවට විසඳුම් ලබාදීම සඳහා රජය මැදිහත් වී ඇති බව කර්මාන්ත හා ව්යවසායකත්ව සංවර්ධන අමාත්ය සුනිල් හඳුන්නෙත්ති ප්රකාශ කරන ලදී.
මඩකලපුවේ කිරි ගොවීන් වගා කාලයේදී තම ගවයින් මහාලත්ව මඩු ප්රදේශයට රැගෙන යන අතර, එම ප්රදේශයේ අම්පාර ප්රදේශයේ ගොවීන්ද වගා කටයුතු කිරීම හේතුවෙන් ගැටුම්කාරී තත්ත්වයන් මතුව ඇති බව අමාත්යවරයා සඳහන් කළේය.
ඒ සඳහා විසඳුමක් ලෙස අදාළ ප්රදේශය ගවයින් සඳහා තෘණභූමි ප්රදේශයක් ලෙස නිශ්චිතව නම් කිරීමට රජය තීරණය කර ඇති බවද,
මහවැලි අධිකාරිය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ එකඟතාව මත අදාළ ගැසට් කිරීමේ කටයුතු සූදානම් කරමින් පවතින බවද ඔහු ප්රකාශ කරන ලදී.
එතෙක් කිරි ගොවීන්ගේ ගවයින් සඳහා අදාළ තෘණභූමි ප්රදේශය භාවිත කිරීමට ඉඩ ලබාදීමටත්, වගාකරුවන්ට අවශ්ය විකල්ප ඉඩම් ලබාදීමටත් එකඟතාවකට පැමිණ ඇති බවත්,
එම ගැටලුව ජාතිවාදී ගැටුමක් දක්වා වර්ධනය නොවීමට සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය අවශ්ය බවද අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
සම්පූර්ණ ප්රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>





