වෙළෙඳපොළ වටිනාකම අනුව ලොව විශාලතම ක්රිප්ටෝ මුදල් ඒකකය වන බිට්කොයින්හි මිල යළිත් අමෙරිකානු ඩොලර් 60,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.
ඒ අනුව, (21) වැනිදා බිට්කොයින් මිල සියයට 2.14කින් පමණ ඉහළ ගොස් අමෙරිකානු ඩොලර් 60,192.07ක් ලෙස සටහන් වී ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
මීට පෙර (20) වැනිදා බිට්කොයින් මිල අමෙරිකානු ඩොලර් 57,742කට වඩා පහළ බැස තිබුණි. එය 2024 වසරේ සැප්තැම්බර් මාසයෙන් පසු වාර්තා වූ අවම බිට්කොයින් මිල ලෙස සැලකේ.





