අනුරාධපුර රුවන්වැලිසෑය පරිශ්‍රයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය බලන්ගොඩ කස්සප හිමියන් ඇතුළු 11 දෙනකු ඇප මත මුදාහැරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය අද (නොවැම්බර් 26) නියෝග කළේය. පූජ්‍ය රාජාංගණේ සද්ධාරතන හිමියෝද ඇප ලැබූ පිරිස අතර වෙති.
රුවන්වැලිසෑය අසල භික්ෂූන් වහන්සේ පිරිසක් උපවාසයක නිරතව සිටියදී ඇති වූ නොසන්සුන් තත්ත්වයෙන් පසු නොවැම්බර් 12 වැනිදා මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබිණි. එදින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබුණි.
සිද්ධියට අදාළ නඩු අද කැඳවූ අවස්ථාවේදී එක් සැකකරුවකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගලික ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කළේය. නඩු යළි කැඳවීමට නියමිතව ඇත්තේ 2027 අප්‍රේල් 29 වැනිදාය.


