නලින් බණ්ඩාර

අපි මේක ගොඩින් බේරගමු. මොකක්ද ආර්ථික වැඩපිළිවෙල? මුහුණට මුහුණ විවාද කරනවා. එක නාලිකාවකින් ජනතා විමුක්ති පෙරමුණෙන් අහලා තිබුණා නලින් බණ්ඩාර අභියෝග කරලා තිබුණා, අභියෝගය භාර ගන්නවද කියලා. ඒ ආර්ථික කවුන්සිලයත් එක්ක සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව විවාද කරන්න අභියෝග කරනකොට ඒගොල්ලෝ හැංගෙනවා.

සුනිල් හඳුන්නෙත්ති

අපි දැක්කා සමගි ජන බලවේගයේ බොහෝ දෙනෙක් අපේ ආර්ථික කවුන්සිලයේ එක්ක විවාදයකට එන්න අපට ආරාධනා කරනවා. අපි යෝජනා කරනවා ඒ අයට තැන් තැන් වල කියවන්නේ නැතුව ලිඛිතව අපට ආරාධනාවක් කරන්න. ආර්ථිකය පිළිබඳ සංවාදය දැන් කරනවා නම් වැදගත් වෙන්නේ සජිත් ප්‍රේමදාස සහ අපේ පක්ෂයේ අනුර දිසානායක සහෝදරයත් එක්ක කෙරෙන එක.

සජිත් ප්‍රේමදාස

මේ මොහොත වන විට අපිට දකින්නට ලැබෙනවා සමාජයේ කතාබහට ලක්වෙනවා රටේ ප්‍රශ්න පිළිබඳව විවාදයක් අවශ්‍යයි කියලා. මමත් පිළිගන්නවා වාද විවාද කරන්නට ඕන. මම සූදානම් ඕනම විවාදයකට. ඕනම මාතෘකාවක් පිළිබඳව වාද විවාද කරන්නට මම සූදානම්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>