දේශපාලන විචාරක නදීෂ ද සිල්වා

ජනතා අන්තවාදී දේශපාලනයේ නිර්මාතෘවරු තමයි රාජපක්ෂලා. දැන් ඒගොල්ලෝ ආයෙත් පාරක් බලය අතට අරගනිමින් ඉන්නවා. ඒක නම් ඒගොල්ලන්ට මේ පාර කරන්න හම්බ වෙන දෙයක් නෙමෙයි.

ඒගොල්ලෝ ඒ තීරණය ගන්න හේතුව තමයි මේ වෙලාවේ තියෙන රැලි. මාලිමා රැල්ල නිර්මාණය වෙන්නෙත් එහෙමම තමයි.

ජනතාවට තියන ප්‍රශ්න ජනතාවට දැනෙනවාට වඩා ලස්සනට රහට කියන්න මාලිමාවේ සහෝදරවරුන්ට, සහෝදරවරියන්ට හැකියාව ලැබිලා තියෙනවා. රාජපක්ෂ රැල්ලට අහුවෙච්ච මිනිස්සු දැන් මාලිමාවට අහුවෙලා තියෙනවා.

ජනාධිපතිවරණය වෙනුවෙන් ලංකාවට මේ වෙලේ ඇත්තටම අවශ්‍ය වෙන විදිහේ නායකත්වයක් තවම මතුවෙලා නෑ. මේ අවශ්‍යතාවය හිස්තැනක් විදියට තියාගෙන තමයි මේ වෙලාවෙත් ලංකාවේ දේශපාලන සමාජය මහජනතාව ආමන්ත්‍රණය කරන්නේ.

දේශපාලන විචාරක නදීෂ ද සිල්වා ශ්‍රී ලංකාවේ ජනාධිපති වීමට සුදුසු නායකයෙක් ප්‍රධාන පක්ෂ තුන තුල සිටිනවා ද? යන්න පිළිබඳව දැක්වූ අදහස්….

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>