රනිල් – සජිත් – අනුර අතර බෙදී යන ලක්ෂ හතළිහේ පාවෙන ඡන්දයේ ගණිතමය සූත්‍රය…2024.05.22

දේශපාලන විචාරක නදීෂ ද සිල්වා සමගි ජන බලවේගය නිර්මාණය වෙන්නේ එක්සත් ජාතික පක්ෂය ඇතුළෙන්මයි. එක්සත් ජාතික පක්ෂයේ මදය ඇත්තටම දැන් තියෙන්නේ සමගි ජන බලවේගයත් එක්ක. එක්සත් ජාතික පක්ෂයට අන්තිමට ඉතුරු වුණේ ඇටෙයි, පොත්තයි විතරයි. හැබැයි මේ එක්සත් ජාතික පක්ෂයේ ඉතුරු වෙච්ච ඇටේ අන්තිමට නතර වුණේ ලංකාවේ අටවෙනි විධායක ජනාධිපති වෙලා....