ජනපති රනිල් වික්‍රමසිංහ

2020 සිට 2023 වර්ෂය වෙනකන් අපි අමාරු තැනක හිටියේ. අපේ ආර්ථික වර්ධනය පටන් ගත්තේ ගිය අවුරුද්දේ අන්තිම කාර්තු දෙකේ. අවුරුදු තුනහමාරක් දියුණුවක් තිබුන්නෑ. එන අවුරුද්දේ අපිට මීට වඩා දියුණුවක් ඇති කරන්න තියෙනවා.

අපි ඒ දියුණුව ඇති කරන්නේ නැත්නම් ආර්ථික වර්ධනයක් ඇති කරන්නේ නැත්නම් අපිට පඩි වැඩි කරන්න තියා ආණ්ඩුව ගෙනියන්නත් අමාරු වෙනවා. අගමැතිතුමා කිව්ව හැටියට අපි දැන් මුදල් අච්චු ගහන්නේ නැහැ. ඒක අවසානයි.

අපි එකඟත්වයකට ඇවිල්ලා තියෙනවා IMF සංවිධානය, අපිට ණය දෙන රටවල් එක්ක අපි මුදල් මුද්‍රණය කරන්නෑ කියලා. එහෙනම් අපිට තියෙන එකම මාර්ගය ආර්ථික වර්ධන වේගය වැඩි කරන එක.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>