පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ සහ බැසිල් රාජපක්ෂ මහතාගේ අදහස ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න.මොකද ජනාධිපතිවරණය තිබ්බහම දිනන්නේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා.

ඔවුන් කල්පනා කරනවා සුළුවෙන් හෝ රැකෙන්න ඕන නම් ඔවුන් ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතුයි කියලා.

ජනාධිපතිතුමා කිව්වා කියලා මාධ්‍යවල පළවෙලා තිබුණා I M F යෝජනා ක්‍රියාත්මක කරන තුරු මැතිවරණ නැහැ කියලා. ජනතාවගේ සර්වජන ඡන්ද බලය පාවිච්චි කරන්න ඉඩ නොදී කුමන හෝ වංගුවක් ගහන්න හැදුවොත් රනිල් වික්‍රමසිංහ මහතාටත් අත් වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉරණමමයි කියලා ඉතාමත් පැහැදිලිව අපි කියන්න කැමතියි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් පා.ම. තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කළ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>