ගල්අඟුරු සැපයුම් කටයුතු දීර්ඝ කාලයක් තිස්සේ කාටල ආකාරයෙන් එක් සමාගමකට පමණක් පැවරී තිබූ බවත්, එමගින් දේශපාලන මැදිහත්කම්, නිලධාරීන්ගේ බලපෑම් සහ කළු ව්‍යාපාරයන් මතුවී තිබූ බව ජනපති අවධාරණය කරන ලදී.
ඒ ඊයේ (17) දින ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදීය.
ඔහු පැවසූයේ, තමන්ගේ ආණ්ඩුව එවැනි කාටල බිඳ දමමින්, සාධාරණ ටෙන්ඩර් ක්‍රමවේදයක් හරහා සම්පූර්ණ පිරිවිතරයන් සපුරාගත් සමාගම් තෝරා ගන්නා බවයි.
ටෙන්ඩර් ක්‍රමය අනුව තෝරාගත් සමාගම් ඉදිරිපත් කළ ගල්අඟුරු තොගවලින් සමහරක් දේශීය හා විදේශීය ලැබ් පරීක්ෂණවලින් සම්මත වූවත්, ඉංජිනේරු විශේෂඥයන්ගේ මතය අනුව නිෂ්පාදන හැකියාව අවම බවත්ය.
එවැනි අවස්ථාවලදී සූත්රානුකූලව දඩ මුදල් අය කරන බවත්, තැන්පතු මුදල් සහතිකව තිබීම නිසා රටට මූල්‍යම පාඩුවක් නොවෙන බවත් ඔහු පැහැදිලි කළේය.
ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කළේ, ගල්අඟුරු සැපයුම් ගැටලු හේතුවෙන් විදුලි බල නිෂ්පාදනයට බලපෑම් ඇතිවූවත්, එය පියවා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>





