“කුඹුරු උකස් තියලා රට යන තරුණයෝ එක්කෝ ඇපල් වත්තක නැත්නම් ගොයම් කොටුවක”
කෘෂිකර්මාන්තය තුළ තවමත් පරිවර්තනීය වෙනසක් සිදු නොවීම වත්මන් පරපුර ගොවිතැනින් ඉවත්ව යෑමට හේතු වී ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසයි.
අද(29) පැවති උත්සවයකට එක් වෙමින් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, කෘෂිකර්මාන්තය ඇතුළු සියලු ක්ෂේත්රවලට පරිවර්තනීය වෙනසක අවශ්‍යතාව මේ වන විට මතු වී ඇති බව සඳහන් කළේය.
කුඹුරු උකස් කර විදෙස්ගත වන තරුණයන් රැකියා ලෙස ඇපල් වතුවල හෝ ගොයම් කොටුවල වැඩ කරන බවත්, ඊට හේතුව එම රටවල කෘෂිකර්මාන්තයේ දියුණුව බවත් ටී.බී. සරත් පෙන්වා දුන්නේය.
තරුණ පරපුර කෘෂිකර්මාන්තය වෙත ආකර්ෂණය කර ගැනීමට නම් පරිවර්තනීය වෙනසක් සමඟ නව තාක්ෂණය කෘෂිකර්මාන්තය වෙත යොමු කළ යුතු බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



