ජනාධිපති ලේකම් ආචාර්ය කුමානායක මහතා ශ්‍රී ලංකා රේගුවේ රාජකාරි කළ සමයේ භාණ්ඩ පරීක්ෂණවලට සෘජුව සහභාගී නොවූ බව ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කරන ලදී.
රේගුව සඳහන් කරන ලද්දේ, එවකට ආදායම් අධීක්ෂණ බලකායේ නියෝජ්‍ය රේගු අධ්යක්ෂවරයා ලෙස ඔහුගේ වගකීම වූයේ රේගු පරීක්ෂණ සඳහා නිලධාරීන් අනියුක්ත කිරීම සහ පරීක්ෂණවලින් අනතුරුව ඉදිරිපත් කරන ලේඛන පරීක්ෂා කර අදාළ නිර්දේශ ලබාදීම බවය.
එසේම අදාළ භාණ්ඩ රේගුවේ විවිධ අංශ මගින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව, අවශ්‍ය බදු හෝ දඩ මුදල් අයකර භාණ්ඩ නිදහස් කිරීමේ ක්‍රියාවලිය සිදුකරන බවද ඔවුන් සඳහන් කළේය.
වාහන ආසන සම්බන්ධයෙන් පළවී ඇති චෝදනාවක් පිළිබඳවද රේගුව පැහැදිලි කරමින් සඳහන් කරන ලද්දේ, අදාළ භාණ්ඩ ආචාර්ය කුමානායක මහතා වෙත ලිපිගොනුව ලැබෙන අවස්ථාව වන විටත් පරීක්ෂණ සිදුකළ නිලධාරීන් විසින් රාජසන්තක කර තිබූ බවය.
ඒ අනුව, ක්‍රියාවලියේ එක් කොටසක් පමණක් පදනම් කරගනිමින් එල්ල කරන චෝදනා පිළිබඳව රේගු ලිපිගොනු මගින් කරුණු පැහැදිලි කළ හැකි බවද ශ්‍රී ලංකා රේගුව වැඩිදුරටත් සඳහන් කළේය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>





