”රට ගොඩනගන්න හොඳ ප්‍රතිපත්ති මාලාවකුත් විශ්වසනීය කණ්ඩායමකුත් ඉදිරියේදී වෘත්තිය මට්ටමෙන් ඇති කරන්න අපි කටයුතු කරගෙන යනවා. ජනාධිපතිවරණවලට ඉදිරිපත් වෙන අය ඉදිරිපත් වුණාවේ. අපි අපගේ ක්‍රියාදාමය ඉදිරිපත් කරනවා.”
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මෙසේ ප්‍රකාශ කරන ලද්දේ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අදහසක් ඇත්දැයි බුද්ධ ශාසනය සහ බෞද්ධ සමාජයේ වර්තමාන තත්වය පිළිබදව පැවැත්වූ මාධ්‍ය හමුවකදී මාධ්‍ය වාර්තාකරුවෙකු විසින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරක් ලෙසිනි.
ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණය තීරණාත්මක බවත් එහිදී රට ආර්ථිකමය වශයෙන් සමාජීය වශයෙන් ප්‍රතිසංස්කරණය කිරීමේ වගකීම රටේ ජනතාවට ඇති බවත් පැවසූ ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ විධිමත් වැදගත් වැඩපිළිවලවල් ප්‍රමාණයක් මේ වසර තුළ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වන බවයි.
සම්පුර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube චැනලයෙන් නරඹන්න >>>>>>>>>





