55 වැනි අප්‍රේල් විරු සමරුවට සහභාගී වූ අවස්ථාවේදී සමන්ත විද්‍යාරත්න අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලද්දේ, සතුරා දුර්වල කර තිබුණද, සහමුලින් පරාජය කර නැති බවයි.
එසේම, වසර 76ක් පුරාවට ජනතාවට දුක් දුෂ්කරතා ලබාදුන් ජාතිවාදය හා ආගම්වාදය මගින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කළ කණ්ඩායම්වලට එරෙහිව සටන් කරමින්, ඒවා සහමුලින් පරාජය කිරීමට තව කාලයක් අවශ්‍ය බවත් එතුමා සඳහන් කරන ලදී.
ඉදිරියටත් ජනතා විමුක්ති පෙරමුණේ අරමුණ, ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කිරීම බවත්, බල මධ්‍යස්ථාන ජනාධිපති පුටුව, පාර්ලිමේන්තුව, පළාත් පාලන ආයතන සියල්ල ජනතාවගේ අයිතිය වෙනුවෙන් භාවිත කරන බවත් ඔහු අවධාරණය කළේය.
අමාත්‍ය විද්‍යාරත්න වැඩිදුරටත් කියා සිටියේ, “අපිට කලබලයක් නැහැ. අපි මේ රටේ නීතිය, රීතිය සහ අනපනත් අනුව ක්‍රියාත්මක කරනවා” යනුවෙනි.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>





