එළැඹෙන අයවැයේදී හෝ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය එකම මතයකට පැමිණ අධ්‍යාපනය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බව ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන ප්‍රකාශ කර ඇත. පසුගිය අයවැයෙන් අධ්‍යාපනය සඳහා වෙන් කර ඇත්තේ 2%ක මුදලක් පමණක් බැවින් එය ප්‍රමාණවත් නොවන බවත්, එම ප්‍රතිපාදන දළ ජාතික නිෂ්පාදිතයෙන් 6% දක්වා වැඩි කළ යුතු බවත් ඔහු පවසා තිබේ.
ගම්පහ ඔරුතොට නුගහේන පුරාණ විහාරස්ථානයේ අලුතින් ඉදි කෙරෙන අඩි 35ක් උස අවුකන බුද්ධ ප්‍රතිමා අනුරුව සඳහා මුල්ගල තැබීමේ පුණ්‍යෝත්සවයට එක්වෙමින් ඩඩ්ලි සිරිසේන මෙම අදහස් පළ කළේය. අධ්‍යාපනය ගැන කලින් කලට කතා කළද පසුව එය අමතක වන බව සඳහන් කළ ඔහු, ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය බෙදී කටයුතු කළහොත් අනාගත පරපුරට මෙන්ම රටේ ආර්ථිකයටද හානි සිදු වන බව පැවසීය.
මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම සඳහා රජය පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව යොදවා කටයුතු කරමින් සිටින බවද ඔහු සඳහන් කළේය. එසේම ඇතැම් භික්ෂූන් වහන්සේලා දේශපාලන කඳවුරුවලට බෙදී කටයුතු කිරීම සමස්ත ශාසනයට කැළලක් විය හැකි බැවින් රජය ඒ පිළිබඳවද අවධානය යොමු කළ යුතු බව ඩඩ්ලි සිරිසේන පැවසීය.
තමා සෘජු රැකියා 10,000ක් ලබා දී ඇති බවත්, රජයට විශාල බදු මුදලක් ගෙවමින් සමාජ සේවයක් ඉටු කරන බවත් සඳහන් කළ ඔහු, යහපත් ආර්ථිකයක් සහ සමාජයක් ගොඩනැඟීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවද වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.



